Friday, March 29, 2024

General line - 0115112241

සහරාන් සමග සබඳතා පැවැත්වූ තවත් අයෙක් අත්අඩංගුවට - කලක් හමුදාවේත් සේවය කරලා




ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ත‍්‍රීරෝද රථ රියදුරෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින්. ඒ, පානදුර පරත්ත ත‍්‍රීරෝද රථ නැවතුම්පොලේදීයි.

ඔහු මීට පෙර යුද හමුදාවේ සේවය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

සහරාන් හෂීම් සමග ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත් සැකකරු සතුව තිබී ජංගම දුරකතන සිම් කාඞ්පත් කිහිපයක් සොයාගෙන ඇති බවත් නෙත් නිවුස් වෙත වාර්තාවුණා. යුද හමුදාව විසින් සැකකරු මේ වනවිට පානදුර දකුණ පොලිසියට භාර දී තිබෙනවා.