Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණයකින් හැර ධූර අත්නොහරින බව හිස්බුල්ලා සහ සාලි කියයි

ලහිරු කපුගේ




ජනාධිපතිවරයා සිය ධුර සම්බන්ධයෙන් ගන්නා තීරණයකික් හැර කිසිඳු අවස්ථාවක ධුර අත්නොහරින බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අවධාරණය කරනවා. ඒ, නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

එහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි දැක්වූ අදහස් පහතින් දැක්වෙයි. 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ද ප‍්‍රකාශ කළේ තමාට එරෙහි චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 

කෙසේවෙතත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සියලූ තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික සංඝ සම්මේලනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) සංදේශයක් ද භාරදුන්නා.

අදාළ සංදේශයට දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සන් ඇතුළත්. ඉස්ලාම් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට අනුග‍්‍රහය සහ අනුබල දුන් බවට අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනාට එමගින් චෝදනා එල්ල කර ඇතැයි සඳහන්.