Thursday, April 25, 2024

General line - 0115112241

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය මුලින් ගන්න - විපක්ෂය ඉල්ලයි

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය ලබන ජූනි මස 18 සහ 19 යන දෙදින විවාදයට ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ඒ පිළිබඳ යොමු කළ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්. 

අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

විමල් වීරවංශ මන්තී‍්‍රවරයා විවාදයට එක්වීමත් සමග අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.  


විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක කියා සිටියේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් චෝදනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාකච්ඡා කිරීමට විපක්ෂය සූදානම් නොමැති බවයි. 

සිය පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට පෙර, විපක්ෂය ගෙන ආ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙහිදී පැවසුවේ. මන්තී‍්‍රවරයා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර එහිදී ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 ට යළි රැස්වීමට නියමිතයි.