Friday, April 19, 2024

General line - 0115112241

අන්තවාදීන් ගෑවුණු වන්ද්‍යකරණ පුවත ගැන පාර්ලිමේන්තුවේ සංවාද

කසුන් කැළුම්




ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කතානායක කරු ජයසූරිය මහතාගෙන් විමසීමක් සිදු කළ අතර සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද මෙම සංවාදයට එක්වුණා. 

ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අදහස් පළ කළා. 
අදාළ පුවත පිළිබඳ තොරතුරු සෙවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කමිටුවක් පත් කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මෙලෙස අදහස් දැක්වුවා.