Friday, March 29, 2024

General line - 0115112241

සිය නිදහසට එරෙහි වූ බලවේග ගැන ඥානසාර හිමියන් කතා කරයි

නිශාන් ද සිල්වා




සිය නිදහසට එරෙහිව නොයෙක් ජාත්‍යන්තර බලවේග අවි අමෝරා සිටි බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිිමියන් පවසනවා. තමන් නිදහස් කිරීමට ජාති භේදයක් නොතිබූ බවයි උන්වහන්සේ පැවසුවේ. ජනපති සමාව හිමිව නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව ප‍්‍රකාශ කළා.

තමන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග ඍජුව කටයුතු කළේ කිහිපදෙනෙකු පමණක් බවයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ.  

ඉකුත් වසරේ අගෝස්තු මස 08වනදා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කෙරුණේ සිරගත කර මාස 09කට පමණ පසුවයි.