Friday, April 19, 2024

General line - 0115112241

පළමු වසරට පාසල් ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛයේ අඩුපාඩු ගුරු සංගම් පෙන්වයි

නිශාන් ද සිල්වා




ඉකුත් වසරේ නිකුත් කළ චක‍්‍රලේඛයේ අඩුපාඩු සහ ගැටලූ නිවැරදි කර 2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කළ යුතු බව ගුරු සංගම් පවසනවා. 

2020 වසරට පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය ලබන සඳුදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප‍්‍රකාශ කළා. චක‍්‍රලේකයක් නිකුත් කළ යුත්තේ දරුවන්ට පාසලක් අහිමි කිරීමට නොව, වැඩි දරුවන් පිරිසකට පාසල් යාමට අවස්ථාව සලසමින් බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ. 

මෙම වසරේදී පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේකයේ ඇති ගැටලූ සම්බන්ධයෙන් ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ද අදහස් පළ කළා.

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේකය සහ අයැදුම්පත ලබන සඳුදා නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.