Wednesday, June 26, 2019
Hotline - 0770586666

ඇමෙරිකානු හමුදාව ආයුද සමග ලංකාවට පැමිණීම පිළිබඳ සාධාරණව බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

සජිත් තිලකරත්න/කසුන් කැළුම්

6894Views

 

 

 



පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර සහ පසු රජය එළඹ ඇති විදෙස් ගිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක ඊයේ ප‍්‍රකාශ කළා. 

ඒ, රජය අත්සන් කර ඇති විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදයේදී යෝජනාවක් ඉදිරිපත් කරමින්.

බිමල් රත්නායක මන්තී‍්‍රවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිහාල් ගලප්පත්ති විසින් ස්ථිර කරනු ලැබුවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම කල්තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර ද මෙම විවාදයට එක්වුණා.

ඉන් අනතුරුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අතර යළිත් සංවාදයක් ඇතිවුණා. ඒ, සභානායකවරයා එම ගිවිසුම සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිළි කිරීම සමගයි.

කෙසේවෙතත් මෙහිදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවයි.

 

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 යි 30ට යළි රැස්වීමට නියමිතයි.