Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පළමු ලෝක කුසලාන පෙර පුහුණු තරගය අදයි

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වනවා. අද දිනයේ තරග 02ක් පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාව ද ඉන් එක් තරගයකට සහභාගීවීමට නියමිතයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී තරග වදින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි. එම පෙර පුහුණු තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ට කාඩිෆ්හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. 

අනෙක් පෙර පුහුණු තරගය බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි. ලෝක කුසලාන තර`ගාවලියට පෙර එක් කණ්ඩායමක් පෙර පුහුණු තරග 02කට සහභාගී වනවා. ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවන පෙර පුහුණු තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.