Thursday, April 25, 2024

General line - 0115112241

ජාතිකවාදී රැල්ල ඉන්දියාව පුරා හමයි - සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ජාතිකවාදී මෝදි ශක්තිමත් ආණ්ඩුවක් සාදයි




තමන් ලැබූ ඓතිහාසික ජනවරම වෙනුවෙන් රට වැසියන් හට ස්තූතිය පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහමැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීයි. 

ඊයේ (23) ලද ජනවරමට අනුව නරේන්ද්‍ර මෝදි ඉදිරි වසර 05 තුළත් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. 

සියල්ලන්ටම නව ඉන්දියාවක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් තමාට අවස්ථාවක් ලබා දුන් සැමට හිසනමා ආචාර කිරීමට වුවමනා බවත්, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පාක්ෂිකයින් වෙත ප‍්‍රකාශ කළා.  මෙවර මහ මැතිවරණය ජනතාව අතර පැවැති සටනක් මිස, දේශපාලනඥයින් අතර පැවැති සටනක් නොවූ බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත් තමාට රට භාර කර ඇති ඉදිරි වසර 05 තුළ ශක්තිමත් ඉන්දියාවක් නිර්මාණය කරන බවට ද අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.  

2014 වසරේදී නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලයට පත්වූයේ එරට වසර 30ක මැත කාලීන මැතිවරණ ඉතිහාසය තුළ වාර්තා වූ ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිමින්. එහිදී ඔහුට පාර්ලිමේන්තු ආසන 282ක බලය හිමිවුණා. 

කෙසේවෙතත් මෙවර ද අතිවිශිෂ්ඨ ජයක් හිමිකර ගෙන සිටින අග‍්‍රාමාත්‍ය මෝදි මේවනවිටත් දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව 350ක් වනවා. ඒ අනුව 2014 වසරට සාපේක්ෂව අග‍්‍රාමාත්‍ය මෝදි හට මෙවර ප‍්‍රබල ජනවරමක් හිමිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. 

මෙතරම් ප්‍රබල බලයක් දිනාගත් නරේන්ද්‍ර මෝඩිට දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව වෙසෙන තමිල්නාඩුවේ දිනාගත හැකිවූයේ ආසන දෙකක් පමණක් වූ අතර දැඩි ජාතිකවාදී නායකයෙක් වන නරේන්ද්‍ර මෝඩි සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ආණ්ඩුවක් පිහිටුවීම දැඩි කතාබහට ලක්ව තිබේ.