Friday, March 29, 2024

General line - 0115112241

හැටන් මහනුවර පෞද්ගලික සහ ලංගම බස්රථ වර්ජනයක.

රංජිත් රාජපක්ෂ




හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස්රථ අද පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූ බස්රථ නාවලපිටිය බස්නැවතුම්පලට ඇතුළත් නොකිරීමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළ කරමින්. එම මාර්ගයේ දෛනිකව ලංගම සහ පෞද්ගලික බස්රථ ගමන්වාර 67ක් කි‍්‍රයාත්මක කෙරෙනවා. මීට පෙර සිය බස්රථවලට නාවලපිටිය බස් නැවතුම්පලේදී මගීන් නංවා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි හැටන් සිට මහනුවර ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයින් පවසන්නේ. 

එම බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් හැටන් මහනුවර මාර්ගයේ ධාවනය කෙරෙන බස්රථ භාවිත කරන බොහෝ දෙනෙකු අද පෙරවරුවේ පීඩාවට ද පත්වුණා. නාවලපිටිය බස්නැවතුම්පලට ලංගම සහ පෞද්ගලික බස්රථ ඇතුළත් කිරීමට යළි අවසර ලබා දෙන තෙක් තමන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි එම බස්රථ සේවකයින් පැවසුවේ.