Wednesday, April 24, 2024

General line - 0115112241

ඥානසාර හිමියන් සිය මෑණියන් සමඟ ජනපති හමු වෙයි.

දිනුක් හේවාවිතාරණ




පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. ඒ මහගමසේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

ජනාධිපතිතුමා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.