Thursday, April 25, 2024

General line - 0115112241

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් වැලිකඩ බන්ධනාගාරයෙන් බූස්සට

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් අදියර දෙකක් යටතේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ යටතේ වැලිකඩ රදවා සිටින සිරකරුවන් 15 දෙනෙකු හෙට දිනයේ බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට හැකිදැයි සොයා බැලීමට බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිප දෙනෙකු අද බූස්ස බන්ධනාගාරයට ගොස් තිබෙනවා. ඔවුන්  බන්ධනාගාරයේ ආරක්‍ෂාව සහ අලූත්වැඩියා කටයුතු පිළිබද අද දිනයේ සොයා බලන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

බූස්ස බන්ධනාගාරයේ තිබෙන සිරමැදිරි සංඛ්‍යාව 46 ක් වන අතර ඉන් සිරමැදිරි 15 ක අලූත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා. එම සිරමැදිරි 15 සදහා සිරකරුවන් 15 ක් මාරු කිරීමටයි තීරණය වී ඇත්තේ. බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමට නියමිතව තිබෙනවා.