Friday, April 19, 2024

General line - 0115112241

කාවින්ද ජයවර්ධන තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට හේතු කියයි

කසුන් කැළුම්/ නිශාන් ද සිල්වා




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කවින්ද ජයවර්ධන තීරණය කර තිබෙනවා. 

තමන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත්වීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධනගෙන් විමසීමක් කළා.

තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් ඉන් ඉවත් නොවූ බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් 06දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධනායේ මන්තී‍්‍රවරයෙකු ඊයේ (23) පත් කෙරුණා. 

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඒ සඳහා පත් කෙරුණේ රාවුෆ් හකීම් සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන් සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශූ මාරසිංහ සහ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විශේෂ තේරීම් කාරක සභාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පත් කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ ප‍්‍රකාශ කළේ එම තේරීම් කාරක සභාවට සිය සන්ධානය නියෝජනය කරමින් කිසිඳු මන්තී‍්‍රවරයෙකු සහභාගී නොවන බවයි.