Thursday, March 28, 2024

General line - 0115112241

තේරීම් කාරක සභාව පිළිබඳ විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

කසුන් කැළුම්/ නිශාන් ද සිල්වා




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ මත ගැටුම් ඇති වුණා. මෙම තේරීම් කාරක සභාව සඳහා මාධ්‍යයට ද ආරාධනා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායකවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ. 

මේ සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා ද අදහස් පළ කළා. 

විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර සහ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇතිවුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ද විවාදයට එක්වුණා.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සංයුතිය වෙනස් කළ යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විවාදයට එක්වෙමින් සඳහන් කළේ.

 මෙම තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම ආණ්ඩුකාරවරුන් ද කැඳවිය යුතු බව ද මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.