Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සහය වීමට පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමක් දිවයිනට

කසුන් කැළුම්




තරග සංචාරයක් සඳහා පකිස්තානු වයස අවුරුදු 19න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (23) පස්වරුවේ දිවයිනට පැමිණියා. 

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු විදේශීය කි‍්‍රකට් කණ්ඩායමක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි. 

ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්වය හමුවේ ඔවුන්ගේ පැමිණීම මෙරට සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සෙසු කණ්ඩායම්වලට ද පූර්වාදර්ශයක් බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.

මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා සහ පකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණඩායම් අතර එක්දින තරග 05ක්, පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

සියලූ තරග පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි. පළමු තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.