Friday, March 29, 2024

General line - 0115112241

හෝමාගම පොහොට්ටු මන්ත්‍රීගේ නිවසට මැර ප්‍රහාරයක්

කසුන් කැළුම්




හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්තී‍්‍ර කමල් චන්දනගේ නිවසට අද අලූයම ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

මන්තී‍්‍රවරයාගේ දෙමහල් නිවසට එහිදී කඩු සහ පොලූවලින් පහරදී අලාභ හානි සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. සම්පූර්ණයෙන් මුහුණු අවාරණය කරගෙන යතුරු පැදි 03කින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කර තිබෙනවා. 

පහරදීමට සැකකරුවන් පැමිණෙන ආකාරය අසල නිවසක තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබුණා. මෙම පිරිස මන්තී‍්‍රවරයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකට සහ යතුරු පැදියකට ද අලාභ හානි සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.