Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිවරිය ඉල්ලා අස්වෙයි

දිනුක් හේවාවිතාරණ




බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියා. 

" බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැහැ. ඒ සදහා මම අවස්ථා තුනකදී උත්සහ කළා. බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වශයෙන් සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකනවා වගේම මෙය සෑම දෙනාටම නොලැබෙන අවස්ථාවක්" යැයි සිය සමුගැනීමේ නිවේදනය සිදුකරමින් තෙරේසා මේ ප්‍රකාශ කර සිටියා.

තමන් නියෝජනය කරනු ලබන කොන්සෙකටිව් පක්ෂයේ නායකත්වයෙන් ද  එළඹෙන ජුනි මස 07 වෙනිදා ඉල්ලා අස්වෙන බවට ඇය මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.