Friday, April 19, 2024

General line - 0115112241

අත්අඩංගුවේ සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ වත්කම් බැරකම් විමර්ශන දිගටම

දිනුක් හේවාවිතාරණ




තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ  අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 කගේ මෙහෙයුම් කටයුතු මේ වන විට තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

මෙම බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134ක  මුදලක් තිබී ඇති බවට අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ. මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන් සතුව තිබූ රුපියල් මිලියන 14 ක පමණ මුදලක්ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන සිය භාරයට ගෙන ඇති බවයි ඔහු සදහන් කළා.

මෙම  මුදලට අමතරව මෙම සැකකරුවන් සතුව ඇති රුපියල් බිලියන 7 ක වෙනත් වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.