Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති රිෂාඩ්ට ජන්දය දෙන අය ගැන රටම විමසිල්ලෙන් - විපක්ෂ නායක




අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සහයක් ආණ්ඩුව ගෙන යන බවත් ඇමතිවරයාට පක්ෂව ජන්දය දෙන්නේ කවුදැයි රටම විමසිල්ලෙන් බලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ සිටිනවා. අද (24) බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියා.

පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ඇති ජනහඩට සවන්දී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සිදුකල යුතු බවත්, මෙම විශ්වාස භංගය හරහා සිදුවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විපක්ෂය සමග තරහවිම පමණක් බවයි මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ.

බදුරලිය ප්‍රදේශයේ පිහිටි පාසල් අසලින් අත්බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියා.

" ආයෙමත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ බෝම්බ පාසලට අසලට ගෙනවිත් දැම්මේ කියනදේ ගැන සොයා බලන්න ඕනේ. පොලිසිය ආරක්ෂාව දෙනවා කිව්වත් තවම ආරක්ෂාවක් නැති බවයි මෙයින් පෙනී යන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවරක් ගන්න අවශ්‍යයි" විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියේ.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්නද අද අදහස් පළකළා.