Thursday, April 18, 2024

General line - 0115112241

බදුරලියේ පාසලක් අසලින් හමුවූ බෝම්බ ගැන සෙවීමට කණ්ඩායම් දෙකක්

සජිත් තිලකරත්න




මේ අතර බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසලින් හමුවූ  අත්බෝම්බ සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ පාසලේ ආරක්ෂාවට යොදවා සිටි පිරිසකගේ දැනුම් දීමකට අනුව ඊයේ (23) මෙම අත්බෝම්බ සොයාගත් බවයි. ජනතාව අතර අනියත බියක් ඇති කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පාසල අසල මෙලෙස අත්බෝම්බ දමාගොස් ඇතැයි සැක කරන බවද ඔහු පැවසුවා. 

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය ලවා අදාල අත්බෝම්බ නිශ්ක්‍රීය කෙරුණු බව ද මෙහිදි ප්‍රකාශ කෙරුණා.