පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ආණ්ඩුවේ තවත් මුලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් කොළඹ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පැවසුවේ ආණ්ඩුව මෙම තේරීම් කාරක සභාව පත්කර ඇත්තේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් චෝදනා වලින් නිදහස් කර ගැනීමට බවයි.
අදාල තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළවුණා. මේ පාරිලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සම්බන්ධයෙන්ද මෙහිදි සැක පළ කෙරුණා.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා අද දහවල් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම තේරීම් කාරක සභාවට පූර්ණ කාලීනව දායක වීමට තමන්ට හැකිවේදැයි අවිනිශ්චිත බවයි.
ප්‍රහාරයෙන් විපතට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. තමන් මෙම තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කලේද ඒ අනුව බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.