Thursday, April 18, 2024

General line - 0115112241

විශේෂ කාරක සභාව මහජනතාවගෙන් සහය පතයි




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය විමර්ශන සඳහා මහජන සහය ද ඉල්ලා සිටිනවා. කරුණු 7 ක් යටතේ තමන් වෙත ලිඛිතව කරුණු දැක්විය හැකි බවයි පවසන්නේ.

ප්‍රහාර වලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුනේද, ප්‍රහාර වළක්වා ගැනීමට හෝ හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන තිබුනේ ද සහ ප්‍රහාරයන්ගේ බලපෑම වැළැක්වීමට හෝ අවම කිරීමට නොහැකි වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුනේ ද යන්න එම කරුණු කිහිපයක්.

ත්‍රස්තවාදීන්ට අනුබල දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩුකාරවරයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට විරුද්ධව ඇති චෝදනා සත්‍ය ද, එවැනි ප්‍රහාර වළක්වා ගැනීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන කරුණු සම්බන්ධයෙන්ද මහජනතාවට කරුණු දැක්විය හැකියි. අදාල කරුණු දැක්වීම් ලබන ජුනි මස 7 වනදාට පෙර කාරක සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව යොමුකළ යුතු බවද මෙහිදි සිහිපත්කර තිබෙනවා.