Thursday, April 25, 2024

General line - 0115112241

මැගසින් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන හමුවේ

නිශාන් ද සිල්වා




කොළඹ මැගසින් බන්ධනාගාරයේ එළිමහන් භූමියේ වළ දමා තිබූ ජංගම දුරකතන 44 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව සිදු කෙරුණු සෝදිසියකදීයි. 

ජංගම දුරකතන 22 බැගින් පාර්සල් දෙකක අසුරා ඒවා වළ දමා තිබුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව එම ජංගම දුරකතන බන්ධනාගාරය තුළට ගෙන එන්නට ඇති බවටයි සැක පළ වන්නේ. 

මැගසින් බන්ධනාගාරයේ හිටපු එල්. ටී. ටී. ඊ සැකකරුවන් රදවා සිටින එල්. ටී. ටී. ඊ වාට්ටුවට ආසන්න එළිමහන් භූමි ප‍්‍රදේශයක එම ජංගම දුරකතන වළ දමා තිබුණා. එම වාට්ටුවේ හිටපු එල්. ටී. ටී. ඊ සැකකරුවන් 102 දෙදෙනෙකු රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.