Friday, April 19, 2024

General line - 0115112241

බදුරලිය පාසලේ තිබී හමුවූ අත් බෝම්බ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට




බදුරලිය, දික්හේන ප‍්‍රදේශයේ පාසලක තිබී අත් බෝම්බ කිහිපයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (24) රාති‍්‍රයේ අත්අඩංගුවට ගැණුනා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුආරච්චිගේ පවිත‍්‍ර මධුශංක නමැති 32 හැවිරිදි බදුරලිය, හැඩිගල්ල ජනපදයේ පදිංචි පුද්ගලයෙක්. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශවලට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රදවා තබාගෙන විමර්ශන සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.