Thursday, April 25, 2024

General line - 0115112241

ජාතියට මග කියන “අපි ජාතික බලවේගයේ” මහා සමුළුව අති සාර්ථකව අවසන් (UPDATE)

සමන්ත කුමාර




බෞද්ධ දර්ශනය මත පදනම්ව රට රකින සහ රට නගන අරමුණින් පිහිටුවන “අපි ජාතික බලවේගයේ ” පළමු ජාතික මහ සමුළුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අතිසාර්ථකව අද (25)අවසන් වුණා.

ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 


..........................................................

රටම බලා සිටි "අපි ජාතික බලවේගය" ඇරඹෙයි (UPDATE)

(25-05-2019 09:24)

බෞද්ධ දර්ශනය මත පදනම්ව රට රකින සහ රට නගන අරමුණින් පිහිටුවන ‘‘අපි ජාතික බලවේගයේ ’’ පළමු ජාතික මහ සමුළුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙනවා.

....................................................................................................................................................................................

අපි ජාතික බලවේගයට සියල්ල සුදානම් (2019 - 05 - 25, 09:24)

‘‘අපි ජාතික බලවේගයේ ’’ පළමු ජාතික මහ සමුළුව අද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. 

ඒ සදහා අවශ්‍ය සියළු කටයුතු මේ වනවිටත් සූදානම්ව පවතින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ‘‘අපි ජාතික බලවේගය ’’ පිහිටවනු ලබන්නේ බෞද්ධ දර්ශනය මත පදනම්ව රට රකින සහ රට නගන අරමුණින් යුතුවයි. 

පෙරවරු 10 යේ සිට එහි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සදහා දැනටමත් පිරිස් එක්වෙමින් සිටින බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.