Friday, April 19, 2024

General line - 0115112241

වඳ සැත්කම් චෝදනා ලැබු වෛද්‍යවරයා ගැන කුරුණෑගල රෝහල විමර්ශනයක් අරඹයි : වෛද්‍යවරයා පොලිස් අත් අඩංගුවේ

දිනුක් හේවාවිතාරණ / ඉරේෂාන් සිරිවර්ධන




වඳ සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවි තිබෙන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නම්  වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසනවා.

ඒ එම වෛද්‍යවරයා විසින් සිදු කල සිසේරියන් සැත්කම් වලට භාජනයවු කාන්තාවන් වඳ භාවයට ලක්වු බවට නැගි ඇති චෝදනා සම්බන්ධයෙනි.

"ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ" කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියා.

සැකකටයුතු ලෙස වත්කම් ඉපැයිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.