Thursday, April 25, 2024

General line - 0115112241

සංචාරක ක්ෂේත්‍රයට රජයෙන් සහන

කාංචන කුමාර/ සජිත් තිලකරත්න




සංචාරක ක්‍ෂේත‍්‍රය නැවත යථා තත්ත්වයට පත්වන තුරු සංචාරක ව්‍යාපාර ආයතන සහ එම ක්‍ෂේත‍්‍රයේ රැකියා කළ සියළු දෙනාට සහන සැලසීමට රජය කටයුතු යොදා ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. 

ගලේවෙල, වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ඉදිරි මාස 3 ක පමණ කාලය තුළ මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියාසිටියා.