Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදෙන් ගෙනා කේරළ ගංජා ගංජා තොගයක් අත්අඩංගුවට

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




කේරළ ගංජා කිලෝ 245 ක් මෙරටට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී අද උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ පිළිබද කරුණු දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර්  ඉසුරු සූරියබණ්ඩාර.

මේ අතර රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදීයි. 

අත්අඩංගුවට ගැණුනු සැකකරු අංගොඩ, මහබුත්ගමුව ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් රහීම් මොහොමඞ් රොෂාන් නමැත්තෙක්. ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 2 යි ග‍්‍රෑම් 24 යි මිලිග‍්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.