Friday, March 29, 2024

General line - 0115112241

ඇමති රිෂාඞ්ගෙන් FCIDයට පැය පහමාරක ප්‍රකාශයක්

කසුන් කැළුම්




අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද (25) ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ 2014 සහ 2015 යන කාලසීමාවේදී ලක් සතොස ආයතනයට සහල් මෙටි්‍රක් ටොන් දෙලක්ෂ 57,000ක් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්. පෙරවරු 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පස්වරු 04 යි 30ට පමණ ඉන් පිටව ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

එහිදී ඔහුගෙන් අදාළ සිද්ධිය පිළිබඳ පැය පහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ප්‍රකාශය ලබා දීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටතට පැමිණි අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්ණ කළා. 

 

 

................................................

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් FCIDය හමුවට

(25-05-2019 15:52)

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අද (25) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූළ්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, 2014 සහ 2015 යන කාලසීමාවේදී ලක් සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ 57,000ක් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 

ඔහුගෙන් ඒ පිළිබඳ තවදුරටත් ප්‍රශ්ණ කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.