Wednesday, April 24, 2024

General line - 0115112241

චීනය ලංකාවට පනවා තිබු සංචාරක තහනම ඉවත් කරයි

දිනුක් හේවාවිතාරණ




පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසූ මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහනම ඉවත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අද (25) සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග හා චීන තානාපතිවරයා අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරක කේෂ්ත්‍රයට දැඩි බලපෑමක් එල්ලවූ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉකුත් දා මෙරට සිටින විදෙස් තානාපතිවරුන් කැඳවා ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බැවින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙසටද ඉල්ලීමක් කරනු ලැබුවා.