Thursday, April 25, 2024

General line - 0115112241

තෙරේසා ගෙන් හිස්වන පුටුවල් පංච පුද්ගල සටනක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධූරය සඳහා මේවනවිට පංච පුද්ගල ආරම්භ වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග්‍රාමාත්‍යධූරයට හිමිකම් කියන පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා එම පක්ෂයේ ප්‍රභලයින් පස්දෙනෙකු මේවනවිටත් තරග බිමට පිවිස ඇති බවයි. ඒ අතර, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජෙරමි හන්ට්, හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන්, ජාත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම් රෝරි ස්ටුවර්ට්, සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒස්තර් මැක්වේ ද වනවා. කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍යධූරය සඳහා ද තරග වදින මොවුන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රභල මතගැටුම් ඇති කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඒ අනුව, බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හෙවත් “බ්‍රෙක්සිට්” ක්‍රියාවලියේදී දෙපාර්ශවය විසින් ගනුදෙනු හෝ එකගතාවන්ට එළඹිය යුතු බව ඇතැමෙක් ප්‍රකාශ කරන අතර අනෙක් තරගකරුවන් පවසන්නේ එකගතාවන්ගෙන් තොරව යුරෝපා සංගමයෙන් සමුගත යුතු බවයි.

කෙසේවෙතත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අනුව එළඹෙන ඔක්තෝම්බර් මස 31වනදා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු වනවා. ඊට අදාළව අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් අවස්ථා 02කදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනා ගෙන ආවා. 

එම අවස්ථා දෙකේදීම අදාළ යෝජනාවන් පරාජය වීම හමුවේයි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමට තෙරේසා මේට සිදුවූයේ. කෙසේවෙතත් නව නායකයෙකු තෝරා ගෙන නව අග්‍රාමාත්‍යවරයෙකු නිර්මාණය කරනවා වෙනුවට, ජනතාව පිළිබඳ සිතා කඩිනමින් මහමැතිවරණයකට යොමු වන වීමට පාලක කන්සර්වේටිව් පක්ෂය කටයුතු කළ යුතු බව ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය අවධාරණය කළා.