Friday, April 26, 2024

General line - 0115112241

ඇමති බදුර්දින්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාව සමග අරගල කරනවා - රතන හිමියන්

කසුන් කැළුම්




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමග එක්ව අරගලයක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. පසුගියදා එළිදැක්වූ “පංචවිධ ප්‍රතිපත්තිය” ක්‍රියාවට නැංවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. 

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු කරුණු පිළිබඳව ද මෙහිදී පැහැදිළි කෙරුණා.