Thursday, April 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් “ජෛව විවිධත්ව මංපෙත” පළමු අදියර හෙට ඇරඹේ

සුරේෂ් විජයරංගන




නෙත් එෆ් එම් “ජෛව විවිධත්ව මංපෙත” පළමු අදියර හෙට (26) උදෑසන පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරවක අලපලාදෙණිය රඹුකන ග්‍රාමයේදී ආරම්භ වනවා. නෙත් එෆ් එම් ශ්‍රාවකයින්ගේ දායකත්වයෙන් මෙරට මාධ්‍ය ආයතනයක් මගින් පළමු වරට ඉදිකෙරෙන මිනිසා අතින් නිර්මාණය කෙරෙන වනාන්තර කොරිඩෝව ද මෙයයි.

“දිරිය නෙත්” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැසි වනාන්තර සුරැකීමේ අන්තර්ජාතිකය ද අත්වැල් බැඳගෙන සිටිනවා. 

පළමු අදියර යටතේ පැළ 3,000ක් රෝපණය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු 072 7 372 372 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.