Saturday, April 20, 2024

General line - 0115112241

යුද හමුදාව සහ පොලීසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




දිවයිනේ ප්‍රදේශ කිහිපයක යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව අද සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදාව ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ බව කියන සහරාන් හෂිම්ගේ ඡායාරූප සහ එවැනි ඡායාරූප ඇතුළත් සී ඩී තැටි ළග තබාගත් බව කියන පුද්ගලයින් 09දෙනෙකු දුම්මලසූරිය සහ මාදම්පේ ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර එf`ඞ්රමුල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ද පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සතුව තිබී අනන්‍යතාව තහවුරු කළ නොහැකි ජාතික හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර 80ක් සොයා ගත් බවයි යුද හමුදාව පැවසුවේ.