Saturday, April 20, 2024

General line - 0115112241

අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට මුදල් ලැබීම පිළිබඳ මන්ත්‍රී අමුණුගම පරීක්ෂණයක් ඉල්ලයි




අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මුදල් ගලා ඒම සහ එම මුදල් සංසරණය පිළිබඳ  මෙන්ම අවිආයුද ඇතුළු යුද උපකරණ ලැබීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවැති ජාතික ආරක්ෂක තත්ත්වය පිළිබඳ සමලෝචන සභාවේ පළමු රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ, එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම.

ජාතික ආරක්ෂාව තත්ත්වය පිළිබඳ සමලෝචන සභාවේ පළමු රැස්වීමට සර්ව ආගමික නායකයින් ද එක්ව සිටියා. මේ, එහිදී අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්. 

මෙම රැස්වීමට පක්ෂ නායකයින් ද එක්ව සිටි අතර එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, සියලු ජනතාවට ආරක්ෂක අංශවල උපරිම සහයෝගය හිමිවීම ඇගයීමට ලක් කළා.