Friday, March 29, 2024

General line - 0115112241

නෙත් ‘‘ජෛව විවිධත්ව මංපෙත’’ පළමු අදියර අද ඇරඹුණු වගයි (PHOTOS / UPDATE)




නෙත් එෆ් එම් “ජෛව විවිධත්ව මංපෙත” පළමු අදියර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරවක අලපලාදෙණිය රඹුකන ග්‍රාමයේදී අද (26) පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සුරේෂ් විජයරංගනගෙන්. 

 

............................................................

නෙත් ‘‘ජෛව විවිධත්ව මංපෙත’’ පළමු අදියර අද 

(26-05-2019 06:49)

නෙත් එෆ්. එම්. ‘‘ජෛව විවිධත්ව මංපෙත’’ පළමු අදියර පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරවක අලපලාදෙණිය රඹුකන ග‍්‍රාමයේදී අද (26) ආරම්භ වනවා. නෙත් එෆ්. එම්. ශ‍්‍රාවකයින්ගේ දායකත්වයෙන් මෙරට මාධ්‍ය ආයතනයක් මගින් පළමු වරට ඉදිකෙරෙන, මිනිසා අතින් නිර්මාණය කෙරෙන වනාන්තර කොරිඩෝව ද මෙයයි.

පළමු අදියර යටතේ පැළ 3,000ක් රෝපණය කෙරෙනවා. ‘‘දිරිය නෙත්’’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක මෙම වැඩසටහන සඳහා වැසි වනාන්තර සුරැකීමේ අන්තර්ජාතිකය ද අත්වැල් බැඳගෙන සිටිනවා.

එහි ජාතික සංවිධායක ජානක එදිරිමාන්න කියා සිටියේ දිනෙන් දින විශාන වෙමින් යන මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගනු ලැබූ මෙම පියවර ඉතා වටිනා උත්සහයක් බවයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු 072 7 372 372 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.