Saturday, April 20, 2024

General line - 0115112241

සැකකාර වෛද්‍යවරයා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් පරීක්ෂණයක් අරඹයි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




සැකපිට අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ සඳහා ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත පැවසුවේ.