Thursday, April 25, 2024

General line - 0115112241

සැකකාර වෛද්‍යවරයාගේ ව්‍යාපාර ගැනත් හෙළිවේ

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සිදු කළ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.  

ඔහු විදේශ රැකියා නියෝජිත ආයතන හරහා විදෙස් ගතවන පුද්ගලයින්ට වෛද්‍ය සහතික ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. ඔහුට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයක එම කටයුතු සිදු කර තිබෙනවා.

එමෙන්ම සැකකාර වෛද්‍යවරයා කොන්ත‍්‍රාත් පදනම මත මාර්ග ඉදිකිරීම් සහ නඩත්තුව ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

සැකකාර වෛද්‍යවරයා ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට තරග කළ අපේක්ෂකයෙකු බවයි සමාජ මාධ්‍යවල දැක්වුණේ.

ඔහු එම මැතිවරණයට ඉදිරිපත් වීම නිසා රාජ්‍ය සේවයෙන් ද ඉවත් වූ අතර පසුව විශේෂ කැබිනට් පති‍්‍රකාවක් හරහා නැවත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ද ඔහුට අවස්ථාව හිමිවූ බව ද එම වාර්තාවල දැක්වෙනවා. 

මේ පිළිබඳ සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.