Friday, March 29, 2024

General line - 0115112241

පළමු පුහුණු තරග එංගන්තය සහ ඉන්දියාව පරදී

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු පුහුණු තරග සත්කාර එංගන්තය සහ ඉන්දියාව ඊයේ (25) පරාජයට පත්වුණා.

එම කණ්ඩායම් 02 මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ජයගනු ඇති බවටයි බොහෝ විචාරකයින් අනාවැකි පළ කළේ.

ඊයේ පැවැති පුහුණු තරගයෙන් ඉන්දීය කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුළු 06කින් පරාජයට පත්වුණා. ලන්ඩන්හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත්තේ ලකුණු 179ක් පමණයි. ඉන්දීය ඉනිමේ මුල් කඩුළු 07 ලකුණු 91ක් තුල බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් මෙහිදී සමත්වුණා. ලකුණු 180ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම 38වන පන්දුවාරයේදී කඩුළු 04ක් පමණක් දැවී එම සීමාව පසු කර යමින් තරගයේ ජය වාර්තා කළා. 

මේ අතර සත්කාරක එංගලන්තය සමග පැවැති පුහුණු තරගය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජය ගත්තේ ලකුණු 12කින්. සදම්ප්ටන්හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී ලකුණු 297ක් රැස් කිරීමට සමත් වුණා.

එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 285ක් පමණයි. තාවකාලික තරග තහනමකට ලක්ව සිට යළි පිටියට පිවිසි ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මෙම තරගයේදී ලකුණු 116ක් රැස් කිරීම කැපී පෙනුණා.