Wednesday, April 24, 2024

General line - 0115112241

තරුණියන් දෙදෙනෙකුගේ සිරුර දෙකක් වැවක




සැක කටයුතු අයුරින් මිය ගොස් ඇති බවට හඳුනාගෙන ඇති වයස අවුරුදු 28ක සහ වයස අවුරුදු 22ක කාන්තා මළ සිරුරු දෙකක් වැවක තිබී සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවලා සුලෝචනා ලියනගේ නැමැති වයස අවුරුදු 28ක් වන අංක 436/12, හයිලෙවල් පාර, ගංගොඩවිල ලිපිනයේ පදිංචි තරුණියක් සහ එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 22ක් වූ අවලා රත්නායක නැමැති තරුණියක්.

ඉකුත් 24 වැනිදා මෙම දෙදෙනා අතුරුදහන් වී ඇති බවට මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා. ඊට අදාළ විමර්ශන සිදු කරමින් සිටියදීයි කුඩා තම්මැන්නාව වැවේ වතුර වලක තිබී ඊයේ (25) සවස මෙම මළසිරුරු දෙක සොයා ගැනුණේ.

මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා සිරුරු දෙක අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.