Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග 02කට වර්ෂාවෙන් බාධා

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පුහුණු තරග 02ටම වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. බංග්ලාදේශ - පකිස්තාන පුහුණු තරගය ආරම්භ කිරීමට පවා නොහැකි වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකා - බටහිර ඉන්දීය කොදෙව් පුහුණු තරගයට ද මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ වනවිට පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව පන්දුවාර 08යි පන්දු 02ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 55ක් රැස්කර ගෙන සිටියා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ සහභාගී වන පළමු පුහුණු තරගය ද මෙයයි.