Monday, September 23, 2019
Hotline - 0770586666

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට සහය දෙන්නැයි කළ ඉල්ලීමක් මහේල ඉවත දමයි

තරංග රුක්ෂාන් ජයසේකර

6531Views

 

 

 


මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරන ලෙසට කළ ආරාධනයක් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. ඔහුට අවස්ථා 02ක දී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව තමාට සිදු කිරීමට ඇති කටයුත්ත කුමක්දැයි යන්න පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් නොතිබූ බවයි මහේල ජයවර්ධන පවසා ඇත්තේ. කණ්ඩායම මේ වනවිට තෝරා ඇති බවත් සියල්ල සිදු වී ඇති පසුබිමකත් තමාට තවදුරටත් සිදු කිරීමට ඇති කටයුත්තක් නොමැකි බව මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වාගෙන් සමන්විත කමිටුවක් ඉකුත් වසරේ වාර්තාවක් ද ලබාදුන්නා. එහි ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබුණේ දේශීය තරග රටාව ශක්තිමත් කිරීමයි. එහෙත් එම වාර්තාවේ නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නැංවීමට මෙරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නැහැ.

මහේල් ජයවර්ධන පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ අවස්ථා 03න් 02කදීම මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම අයි පී එල් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමත් සමඟයි.