Thursday, April 18, 2024

General line - 0115112241

යළි සටන අරඹන බව ඥාණසාර හිමි කියයි

කමල් සුරවීර - මහනුවර




සටන යළි අරඹන බව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. ඒ, මහනුවර දී මාධ්‍ය වෙත අද අදහස් දක්වමින්. 

ඇත්තටම මහන්සි නිසා බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ශාසනයේ වැඩක් කරන් ඉන්නවා කියලා හිතුවා. නමුත් ඒ වෙලාවේ ළඟ හිටපු තරුණ දරුවන්ගේ මුහුණු දැක්කම ඇත්තටම දුක හිතුනා. සමහර තරුණ දරුවන් ලියලා තිබ්බා හාමුරුවෝ නිදහස් උනා කියලා ඇහුවම හරියට අපේ තාත්තා නිදහස් උනා වගේ හැගීමක් දැනුනේ කියලා. අවසානයේදී තීරණය කළා. වටාපත පස්සේ අතට ගන්න පුළුවන් ඊට කලින් මේ අන්තවාදය පරාජය කරන්නට ඕනේ කියලා. ඒ නිසා ආපහු සටන ආරම්භ කරන්න තීරණය කළා යැයි උන්වහන්සේ පවසා සිටියා.


මෙහිදී මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විමසා සිටියේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී කටයුතු කරන්නේද යන්න පිළිබඳවයි.  

මේ කරන්නෙත් දේශපාලනය තමයි අපිට පැවරිලා තියෙන රාජකාරිය. ඒ නිසා සියළුම දේශපාලකයින් ගෙන් ඉල්ලා සිටිනවා අපිට ඇඟිල්ල දික් කරන් එන්න එපා කියලා. පහුගිය අවුරුදු 70ට කරපු දේ දැන් පේනවා නේ. අපිට පැවරිලා තියෙන්නේ අවුරුදු පහෙන් පහට එන දේශපාලනයක් නෙමෙයි. මේක ඒ හැමටම වඩා ඉහලින් තියෙන දෙයක්. ඒ නිසා මම මහින්දගේ, මෛත්‍රිගේ හෝ රනිල්ගේ පක්ෂයට පක්ෂ කෙනෙක් නෙමෙයි. එහෙම පක්ෂව හිටියා නම් හිරේ යන්න ඕනේ නැහැ නේ. කවුරුත් ආසාවට හිරේ යන්නේ නැහැ නේ? ඥාණසාර හිමියන් පිළිතුරු දී සිටියා.