Friday, March 29, 2024

General line - 0115112241

පේරු රාජ්‍යයේ භූ කම්පනයක්

තරංග රුක්ෂාන් ජයසේකර




දකුණු දිග අමෙරිකානු රටක් වන පේරු රාජ්‍යයේ රික්ටර් පරිමාණයේ ඒකක 08ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය වාසස්ථාන අතහැර පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් සිදු වූ නිශ්චිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වන්නේ නැහැ. නගර රැසක ගොඩනැගිලි කඩා වැටී ඇති අතර බොහෝ ප්‍රදේශවලට විදුලි සැපයුමද විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.