Friday, April 19, 2024

General line - 0115112241

IS සංවිධානයට එක්වු ප්‍රංශ ජාතිකයින් තිදෙනෙකුට ඉරාකයේදී මරණ දඬුවම

දිනුක් හේවාවිතාරණ




ඉරාක සිරියානු ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS අන්තවාදී සංවිධානයට සම්බන්ධ ප්‍රංශ පුරවැසියන් තිදෙනෙකුට ඉරාක අධිකරණයක් මගින් මරණ දඬුවම නියම තිබෙනවා. මෙලෙස වැරදිකරුවන් වූ පුද්ගලයින් තිදෙනාට සිය තින්දුවට එරෙහිව අභියාචනයන් ඉදිරිපත් කිරීමට දින 30 ක කාලයක් හිමිව ඇති බවයි AFP පුවත් සේවය සදහන් කරන්නේ.

සිරියාවේ පැවති යුද්ධය අතරවාරයේදී අමෙරිකාවේ සහය ලබන කුර්දි සටන්කරුවන් විසින් සිය මෙහෙයුම් අතරවාරයේදී ISIS සංවිධානයට එක්ව සිටි ප්‍රංශ පුරවැසියන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වුවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රංශ ජාතිකයින්ව වැඩිදුර නීතිමය කටයුතු සදහා ඉරාකය කරා එවීමට කුර්දි සටන්කරුවන් පියවර ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගනු ප්‍රංශ ජාතිකයින්ගෙන් පළමු වරට අධිකරණ ක්‍රියාවලියට මුහුණු දුන් පුද්ගලයින් තිදෙනාට එරෙහිව මෙලෙස මරණ දඬුවම නියමවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරාක අධිකරණයක් මගින් සිය පුරවැසියන්ට මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් ප්‍රංශ රජය මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත. කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මාර්කොන් ගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවත් එය ඉරාකයේ ස්වෛරිත්වයට අයත් ක්‍රියාවලියක් බවයි.