Friday, March 29, 2024

General line - 0115112241

කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි

හේමන්ත කහවලගේ




කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කරනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ශ‍්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවයි. එබැවින් කිසිඳු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවද ඔහු අවධාරණය කළා. 

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප‍්‍රමුඛ වගකීම බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාව, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ නියෝග අනුව රටෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන බවයි. එබැවින් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිඳු විටෙක එරෙහිව කටයුතු නොකරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කළා.