Friday, March 29, 2024

General line - 0115112241

වෛද්‍ය 'සාෆි' රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක් - සංගමය විධායක සභාව රැස් කරයි

තරංග රුක්ෂාන්/නිශාන් ද සිල්වා




ආන්දෝලනයකට තුඩු දී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ගය කුමක්දැයි නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (27) දිනයේ පැවැත්වෙන බවයි.  

කෙසේවෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ප‍්‍රකාශ කළේ අත්අඩංගුවට ගැණුනු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බවයි. 

මේ අතර මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් ද මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ සැකකාර වෛද්‍යවරයාට එරෙහි චෝදනා විභාග කර කඩිනමින් නිදහස් කරන ලෙසයි.