Saturday, April 20, 2024

General line - 0115112241

නේපාලයේ කත්මණ්ඩු අගනුවර පිපිරීම් මාලාවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නේපාලයේ කත්මණ්ඩු අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීම් 03ක් සිදුව ඇති බවට වාර්තා වන බවයි. එක් පිපිරීමක් සිදුව ඇත්තේ නගර මධ්‍යයේයි.

මාවෝවාදි කැරළිකරුවන් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටද සැක පළ වනවා.

කෙසේවෙතත් මේ දක්වා ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි.