Wednesday, April 24, 2024

General line - 0115112241

සැත්කම් ගැන පැමිණිළි 20ක්

තරංග රුක්ෂාන්/මහේෂ් චතුරංග




ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාගේ සිද්ධිය මතුවීමත් සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් මේ වනවිට මව්වරුන් ඇතුළු 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර ප‍්‍රකාශ කළේ ඊයේ (26) දිනයේ 05 දෙනෙකුත් අද (27) දිනයේ මේ දක්වා 15කට ආසන්න පිරිසක් එලෙස රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි. 

මෙම වෛද්‍යවරයා සැත්කම් සිදු කළ මව්වරුන්ට අදාළ සැත්කම් සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වෙතොත් ඒ සඳහා සහයවීමට සූදානම් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් ප‍්‍රකාශ කළා.

සිසේරියන් සැත්කම අතරවාරයේ වන්ද්‍යකරණ සැත්කමක් ද සිදු කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයකින් සොයාගත හැකි බවත් ඒ සඳහා සිය රෝහල සහය දෙන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද පොලිසිය ඊයේ (26) දැනුම් දුන්නා.