Friday, March 29, 2024

General line - 0115112241

මෙරටට ශල්‍ය උපකරණ ගෙන්වා බෙදාහරින වෛද්‍ය 'සාෆි' ගේ ඥාතියෙක් ගැන සොයයි

හේමන්ත කහවලගේ




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ගේ ඥාතියෙකු සම්බන්ධයෙන් ද මේ වනවිට ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.

ඔහු මෙරට ප‍්‍රසිද්ධ පෞද්ගලික රෝහලක කළමනාකරුවෙකු ලෙස සේවය කරන බවයි දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඔහු ශල්‍ය උපකරණ මෙරටට ආනායනය කර බෙදාහරින්නෙකු බවද හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණක් ක‍්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ පැවසුවේ.